LankaFiles සිංහල
@LFSinhala
News | #SriLanka | #lka http://youtube.com/c/LANKAFILES http://facebook.com/lankafilesfb https://www.tiktok.com/@lankafilestiktok
"රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන සිංහලකරණ සැලැස්මේ එක් අංගයක් වන දෙමළ ජනතාවගේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීම සහ ඉඩම් ආක්‍රමණය කිරීම වහාම නැවැත්විය යුතුය" යුක්තිය නොලද දෙමළ ජනතාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ජාත්‍යන්තරයට බල කරමින් උතුරු නැගෙනහිර පුරා පවත්වන විරෝධතාවට අම්පාර එක්වෙයි.
“ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරයක් සිදු වූ බව ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත යුතුය” යුක්තිය නොලද දෙමළ ජනතාව වෙනුවෙන් මැදිහත්වන ලෙස ජාත්‍යන්තරයට බල කරමින් උතුරු නැගෙනහිර සමාජ ව්‍යාපාරය (NESM) දිස්ත්‍රික් අටක් පුරා පවත්වන විරෝධතාවට එක්වූ කිලිනොච්චිය.
“දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු” දෙමළ ජනතාවට යුක්තිය ලබාගැනීම පිණිස ජාත්‍යන්තර මැදිහත්වීම ඉල්ලා උතුරු නැගෙනහිර සමාජ ව්‍යාපාරය (NESM) දිස්ත්‍රික් අටක් පුරා පවත්වන විරෝධතාවට වවුනියාව එක්වෙයි.
"බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්ට යුක්තිය ඉටු කිරීම ජාත්‍යන්තර ප්‍රජාව කල් නොමරා සිදුකළ යුතු අතර, වහාම ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසා දිය යුතුය" දෙමළ ජනතාවට යුක්තිය ලබාගැනීම පිණිස ජාත්‍යන්තර මැදිහත්වීම ඉල්ලන විරෝධතාවට ත්‍රිකුණාමලය එක්වෙයි
“චෙම්මනි, මන්නාරම සහ අනෙකුත් ප්‍රදේශවලින් සොයාගත් සමූහ මිනීවලවල් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර වෝහාරික විශේෂඥයන් පත් කරන්න.” දෙමළ ජනතාවට යුක්තිය ලබාගැනීම පිණිස ජාත්‍යන්තර මැදිහත්වීම ඉල්ලා උතුරු නැගෙනහිර සමාජ ව්‍යාපාරය පවත්වන විරෝධතාවට යාපනය එක්වෙයි.
“ලාංකික දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ වර්ග සංහාරය පිළිබඳ පරීක්ෂණ ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයන් හරහා සිදු කළ යුතුය.” උතුරු නැගෙනහිර සමාජ ව්‍යාපාරය එම පලාත්වල දිස්ත්‍රික් අටේම අද පවත්වන විරෝධතාවට මුලතිව් දිස්ත්‍රික්කය එක්වෙයි.
චෙම්මනි ඇතුළු ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් යුක්තිය හා වගවීම සහතික කරන ලෙස බලකරමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ගෙනයන අරගලයට සහයෝගිතාව පල කරන මලයහ දෙමළ ජනතාව ඒ වෙනුවෙන් මැදිහත්වන ලෙස ඉල්ලා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ.
හතලිස් තුන් ලක්ෂයක් ළමයින්ගේ ඉගෙනීම වෙනස් කිරීම සඳහා අදාළ පාර්ශව සමග කිසිදු සාකච්ඡාවක් නොකළ රජය ප්‍රකාශිත ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ’ සම්බන්ධයෙන් නිල ලියවිල්ලක් ඉදිරිපත් කොට නැතැයි ලංකා ගුරු සංගමය පවසයි. “තවමත් ප්‍රතිසංස්කරණ ලියවිල්ලක් හැටියට නෑ” ජෝසප් ස්ටාලින්
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුලදී සාතනය කරන ලද දෙමළ දේශපාලන සිරකරුවන්ට යුක්තිය ද දීර්ඝ කාලීනව සිරගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ නිදහස ද ඉල්ලන පා ගමනක් සහ ‘නිදහස’ යන තේමාව යටතේ ප්‍රදර්ශනයක් සමග හිටපු දේශපාලන සිරකාර විවෙකානන්දනුර් සතිස් ගේ කාව්‍ය නිර්මාණයක් ජනගත කිරීමක් යාපනයේ දී.
උතුරු නැගෙනහිරත්, දකුණේත් දෙමළ ජනතාව 42 වසරකට ඉහත කළු ජුලි සංහාරයෙන් මරා දමන ලද ජනකාය අනුස්මරණය කරන දිනයක ප්‍රීති ගීත ගයන ආණ්ඩුවේ තරුණ අංශයේ කණ්ඩායමක් කෝච්චියක නංවා යාපනයට යැවීම පාර්ලිමේන්තුවේ දැඩි හෙලා දැකීමට ලක්වේ. “අපෙන් තවමත් නිල වශයෙන් සමාව ඉල්ලීමක් කර නැහැ” @GGPonnambalam
“මේක රටක්ද, අමු සොහොනක්ද?” ශ්‍රී ලංකාවෙන් හමුවූ සියලුම සමූහ සුසාන ජාත්‍යන්තර ප්‍රමිතියට කැණ, විනිවිදභාවයකින් යුත් විමර්ශන පවත්වා යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් වැඩිම අස්ථි කොටස් හමුවූ සතොස සමූහ මිනීවලේ සිට රටේ සිව්වැනියට විශාලතම තිරුකේතීස්වරම් සමූහ මිනීවල දක්වා මන්නාරමේ පාගමනක්.
2021 දී මුහුදුබත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ නිසි පියවර නොගැනීමෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ නීතිපති ඇතුළු රාජ්‍ය ආයතන ගණනක වගකීම සහ එවැනි දේ නැවත සිදුවීම වැලැක්වීමත් පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග විස්තර කිරීමට ආණ්ඩුව කල් ඉල්ලයි.
ශ්‍රී ලංකාවේ රජයේ අධ්‍යාපනයේ දුර්භාග්‍ය සම්පන්න තත්වය පිළිබඳ ගණන් හිලව් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ දිගහරී. "පාසල් 1506ක් තියෙනවා ළමයි 50ට වඩා අඩු" @anuradisanayake
වව්නියාව නගර සභාව සමීපයේ ඇති පොංගු තමිල් ස්මාරකය අබියසදී දෙමළ ජාතික කවුන්සිලයේ මෙහෙයැවීමෙන් පැවැති කළු ජූලියේ 42 වැනි අනුස්මරණය.




"බොරු සහෝදරත්වයේ දින එපා!" දෙමළ සමුහඝාතක කළු ජූලියේ 42 වැනි සමරුව දා ජවිපෙ තරුණ සංගමයේ විනෝදකාමී තරුණ තරුණියන් කණ්ඩායමක් කොළඹ සිට දුම්රියේ උතුරට එවූ ආණ්ඩුව දෙමළ ජාතික මණ්ඩලය විසින් යාපනයේ පැවැත්වූ අනුස්මරණයේදී දැඩි ලෙස හෙලා දැකීමට ලක්විය.




ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) එස්. බාස්කරන් සභාපතිත්වය දරන කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සාමාජිකයන්ද අම්පාර, කාර්තිව් වෙරළ තීරයේ දී පහන් දල්වමින් වසර 42 ට ඉහත කළු ජුලියේ දී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය වු දෙමළ ජනයා අනුස්මරණය කර තිබේ.
උතුර - දකුණ සහෝදරත්වය විසින් ජුලි 23 දා බොරැල්ල කනත්ත ඉදිරිපිට පැවැත්වූ කළු ජූලියේ 42 වැනි අනුස්මරණය.